HAda SIna THAruka
Search This Blog
Thursday, April 25, 2013
Monday, January 28, 2013
Tuesday, October 30, 2012
පුනරාගමනය
මරු කතර කෙම් බිමක් කරවා
මැලවුණු කුසුම යළි පුබුදුවා
මා හද උයන සරසන්න ආ
මගේ සෙව්වන්දිය නුඹයි
බිඳුණු වෙණ පිළිසකර කරවා
නිහඬ සත්සර රාව නංවා
යළිත් මා හඬ අවදි කරවූ
ජීවිතේ ගීතය නුඹයි
පාළු අඹරේ තරුත් නැති කල
බිඳ දමා ඝන තිමිර මේකුළ
එකලු කර මා සිත් අහස් කුස
පායලා හිනැහෙන සඳ නුඹයි
Saturday, September 8, 2012
Saturday, May 19, 2012
Sunday, May 13, 2012
ගසා කෑම
පඩි වෙඩි වන්නේ කොහොමද නෑල්ලුවොත් ගොටුව
ඇත්ත කියන්නේ කොහොමද ගහල ගියත් බොටුව
නඩුත් බඩුත් නඩු අහනා උන්ගේම වන කලට
ශ්‍රමය මෙන්ම බුද්ධියවුව සූරා කන විටක
පෙන්වා කැරට් හී වේගෙන් දැක්කයි ඉදිරියට
නිවාඩු නැති අඩු පඩි ඇති පුහුණුව යන නමට
අපි කඹුරයි උන් සරුවෙයි ගැරහුන්මය අපට
Tuesday, March 13, 2012
Subscribe to:
Comments (Atom)




