Search This Blog

Tuesday, October 30, 2012

පුනරාගමනය





මරු කතර කෙම් බිමක් කරවා
මැලවුණු කුසුම යළි පුබුදුවා
මා හද උයන සරසන්න ආ
මගේ සෙව්වන්දිය නුඹයි

බිඳුණු වෙණ පිළිසකර කරවා
නිහඬ සත්සර රාව නංවා
යළිත් මා හඬ අවදි කරවූ
ජීවිතේ ගීතය නුඹයි

පාළු අඹරේ තරුත් නැති කල
බිඳ දමා ඝන තිමිර මේකුළ
එකලු කර මා සිත් අහස් කුස
පායලා හිනැහෙන සඳ නුඹයි