Search This Blog

Saturday, September 8, 2012

සරා සඳ පායලා
සිනා සෙයි තරු සමග
සඳ උවන සිහි කරයි
සිනාසෙන ඔබේ මුහුණ
මගේ පාලු නබෝ ගැබ
පතන සිසිවන උවන

මල්  පිපෙන වසන්තෙට
ගයයි කොවුලිඳු ගීය
ඒ විහඟ ගී මතින් මතුවුණේ
ඔබේ ස්වරය
ජීවිතේ වසන්තය
පතන ඔබේ මුදු සරය